
මැඩගස්කරයේ 2023 ඉන්දියන් සාගර දූපත් තරඟාවලියේ සමාරම්භක උළෙල අතරතුර සිදු වූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 80 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
සමාරම්භක උළෙල සංවිධානය කර තිබූ මැඩගස්කර් හි ජාතික ක්‍රීඩාංගණය වන බැරියා ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකයන් පනස් දහසක් පමණ සහභාගී වී තිබේ. ක්‍රීඩා ලෝලින් නැරඹුම් ස්ථානයෙන් ක්‍රීඩා පිටියට පිවිසීමට උත්සාහ කිරීමත් සමග ඇති වූ තෙරපීමෙන් මෙම කණගාටුදායක තත්වය නිර්මාණය වී තිබේ.
1977 වසරේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිර්මාණය කරන ලද මෙම තරඟාවලියට මොරිශස්,කොමරෝස්,මැඩගස්කරය,මයෝට්,රියුනියන් ,මාලදිවයින යන දූපත් සමූහයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වේ.
මැඩගස්කර් ජනාධිපති Andry Rajoelina මියගිය පිරිස වෙනුවෙන් විනාඩියක කාලසීමාවක් නිශ්ශබ්දතාවය පළකරමින් තම සංවේගය පළ කර සිටියේය.
මීට පෙර ද 2019 වසරේදී මහමසිනා ක්‍රීඩාංගනයේ දී මෙවැනිම අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය.(උපුටාගැනීම අන්තර්ජාලය ඇසුරෙනි)